අගමැති මහින්දගේ කෝටි ගාණකට විද්ද උදිත ලොකු බණ්ඩාරගේ කැරැට්ටුව මෙන්න

උදිත ලොකු බණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කරමින් සිටියා.

උදිත් ලොකු බණ්ඩාර, මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද කටයුතු කර තිබුණා.

ඔහු හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතාගේ පුතෙකි.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන සමයේදී පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ එම ආයතනයේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවලද යෙදී සිටියා.

ඌව වෙල්ලස්සේ සටන් පිටියේ නම් දැරූ චරිත ලෙස විජමු ලොකු බණ්ඩාර හිටපු කථානායකවරයා හැදින්විය හැකියි.

හපුතලේ සම ආසන සංවිධායකවරයා ලෙසද උදිත් ලොකුබණ්ඩාර පසුගිය කලක කටයුතු කළා.

කෙසේ වෙතත් දැන් ඔහු ගැන දැඩි කතා බහක් ඇතිව තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමකින් මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනුයි.

ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට වැටුප් ලබාදෙන ගිණුමෙන් රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචාකර ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද රාජපක්ෂගේ ගිණුමෙන් මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් රාජපක්ෂ පවුලෙන් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසියට සිදුකර නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24