පාර්ලිමේන්තුව අද (12) පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය තුන්වන දිනටත් අද (12) පැවැත්වෙනවා.
මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ දේශපාලන පක්ෂ අද (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00ට මෙම හමුව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.













