අගමැතිගේ සැත්කමේ ඇත්ත කථාව මෙන්න….

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි.

එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී තිබෙනවා.

මේ වන විට එක්සත් රාජධානියේ වාසයකරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ශ්‍රී ලංකාවට පැමිණි සිටි අවස්ථාවක මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ කොඳු ඇට පෙළෙහි සිදුකළ සැත්කමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55