spot_imgspot_img
spot_img

ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණය නිකුත් කර තිබෙනවා.

ෆවුසි මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසාඅධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

පැමිණිලිකරු කියා සිටින්නේ තමන් සමගි ජනබලවේගයේ සාමාජිකයෙකු නොවන බවයි.

එබැවින් තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය බලයක් නොමැති බවත් පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුව තමන්ට එරෙහිව සිදු කෙරෙන විනය ක්‍රියාමාර්ගය අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?