හූ කිව්වත් පොහොට්ටුව ගමට යනවා

‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

එමෙන්ම අභියෝග සහ චෝදනා කොතරම් පැමිණියත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවයි ඔහු පැවසුවේ.ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‘හූ’ කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවත් ඒ මහතා පැවසීය.

1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්‍ෂකයා යැයි නම් කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.