හිටපු ජනපති ගෝඨාභයගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට පත් වූවන්ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

පොලිසිය තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පුද්ගලයින් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ඉදිරිපිට පසුගිය 2022 වසරේ මාර්තු 31 වනදා පැවැති උද්ඝෝෂණය අතරතුරදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවටයි පෙත්සමෙන් පෙන්වාදී ඇත්තේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23