රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.තීරණ සඳහා ජනාධිපතිවරයා රටට එනතුරු කල් ඉල්ලා ඇති අතර වර්ජනය හෙට උදේ 8ට තාවකාලිකව අත් හිටවුවද, දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා 2024.01.18 දින සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් කැඳවනු ලබයි
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව සඳහන් කළා.
