සෝල් බීච් හෝටල් නඩුවේ පෙත්සම් තුනක් විභාගයට අවසර

ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම අතරතුර දෙහිවල ප්‍රදේශයේ පිහිටි ‘සෝල් බීච්’ හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම හෝටලයේ හිමිකරුවන් සහ සේවකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර මෙම නඩුකර සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට පියවර ගන්න ලෙස එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ යුක්තිය මෙහෙයුම සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරින් සීයක් පමණ පැමිණ මෙම හෝටලයේ සෝදිසිකර පසුව බැකෝ යන්ත්‍ර යොදා කඩා බිද දැමීමට කටයුතු කළ බවයි.

මෙම හෝටලය යාබදව තවත් හෝටල් ගණනාවක් ඉදිකර තිබෙන බවත් එවැනි හෝටල් කිසිවක් කඩා දැමිමට වග උත්තරකරුවන් කටයුතු නොකළ බවත් මේ ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් හිතාමතාම පෙත්සම්කරුවන් අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින්ම එම ක්‍රියාව සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38