සොයිසාපුර අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

පසුගිය ඔක්තෝම්බර් මස 10 වනදා ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

ඒ අනුව පොලිස් මධ්‍ය කොට්ඨාසය විසින් සී.සී.ටී.වී. දර්ශන මගින් ලබාගත් සැකකරුගේ ඡායාරූපය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා

071-8591661 – කොට්ඨාස භාර නිලධාරී / ගල්කිස්ස
071-8596408 – ස්ථානාධිපති/ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය

සැකකරුගේ ඡායාරූපය

5