සුරේෂ් සලේ රඳවා සිටි සිර මැදිරිය මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කරයි – සිරමැදිරියේ අඩුපාඩු රැසක්

මේ වනවිට රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, අනුව අද (16) දිනයේත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වූ පැමිණිලි මත සුරේෂ් මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බවද වාර්තා වනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සිරමැදිරියක රඳවා තබා සිට ඇති අතර, එම සිරමැදිරිය තුළට නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී වූ බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

ඒ, පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමට ද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23