AFC Banner
Empty Ad
AFC Banner

සියල්ල සූදානම් – තීරණාත්මක තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය එක්දින තරග 03 කින් සමන්විත යි.

 ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැළකෙන බැවින් මෙය ජය ගැනීම ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ද වැදගත් වනවා.

එබැවින් මෙය තීරනාත්මක තරගාවලියක් ලෙස හැඳින්විය හැකි යි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන් තරග 40ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 07ක් පමණයි.

ඊට අමතරව තරග 03ක් ජය පරාජයකින් තොරව නිමා වී තිබෙනවා.

කෙසේ වෙතත් මේවන විට බංග්ලාදේශය යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් විය හැකි තරම් ප්‍රබල කණ්ඩායමක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලය තුළ පෙන්වූ පසුබෑම් ද මෙම අභියෝගය තීව්ර කරවනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් ලකුණු 2157ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ යි.

ඒ ලකුණු 1652ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් ලබා ගනිමින්.

කෙසේ නමුත් අවසන් වරට මෙම කණ්ඩායම් එක්දින තරගාවලියක දී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේ දී වන අතර එම තරගාවලිය 3-0 ලෙස දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති ඩකා පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ජාත්‍යන්තර තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 03ක් පමණක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

පෙර වාර්තා සළකා බැලූ විට කාසියේ වාසිය දිනාගත හොත් පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වාසි සහගත විය හැකි බව ක්‍රිකට් විචාරකයින් සඳහන් කරනවා.

එමෙන්ම පිතිකරුවන්ට වැඩි දස්කම් දැක්විය හැකි මෙම පිටියේ දඟපන්දු යවන්නන් හට ද බොහෝ හිතකර විය හැකි බව ද ඔවුන් අනුමාන කරනවා.

පළමු තරගය අද (23) දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගය සජිවිව ඔබට ගොසිප් ලංකා නිව්ස් අපගේ වෙබ් අඩවියෙන් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=DIziVxn1Crw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනිත් දැන් රනිල් වික්‍රමසිංහ වගේ - පොඩි උද්දච්ච කමක් කටට ඇවිල්ලා
05:50
Video thumbnail
ජනපති අනුර ඩඩිලිට බයයි - මුදලට දනගහපු ආණ්ඩුක් #anurakumaradissanayake #npp
03:57
Video thumbnail
සජබ අපේක්ෂක ප්‍රසාද් සිරිවර්ධන සහ පොදු ජන පෙරමුණ අපේක්ෂක මිලින්ද රාජපක්ෂ සහභාගීවන කස්තිරම වැඩසටහන
01:27:46
Video thumbnail
කෝටි 40ක චීස් කෑවලු - කෝටි 40ක කජු කෑවලු - කුඩ 16ක් ගත්තලු / රනිල්ට යකා නගී - හරිනිටත් හොඳට දෙසයි
04:45
Video thumbnail
JVP කාරයන්ට වැඩ බෑ - මුසාවට වැඩි ආයුෂ නෑ #jvp #sjb #anurakumaradissanayake
03:02
Video thumbnail
රනිල් සියල්ල අත්හරී - "මම පාරිලිමේන්තුවේ හිටියා ඇති"
02:05
Video thumbnail
ජපානයේ සැප ජීවීතේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න මහන්සි වෙන දහනායක බණ්ඩාර
35:46
Video thumbnail
හරි වැරදි තීරණ කරන්නේ කොහොමද..?
04:48
Video thumbnail
පුත්තලමෙන් පාර්ලිමේන්තුවට එන්න හදන හිතවතාගේ ඔබ නොදත් කතාව
33:06
Video thumbnail
මහින්දව පිළිගන්න මිනිස්සු පොරකයි
02:47

?