සියඹලා ඇටයක් උගුරේ හිර වීම හේතුවෙන් ගලහ, නිල්ලඹ – කුරුකුලේ ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 07ක් වන දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සිය සහෝදරියන් සමඟ සෙල්ලම් කරමින් සිටි මෙම දැරිය දෙමව්පියන්ට නොදැනෙන ලෙස සියඹලා ආහාරයට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සියඹලා ඇටයක් දැරියගේ උගුරේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.
සියඹලා ඇටය සිර වීමෙන් අසාධ්‍ය වූ දැරිය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට වෙත රැගෙන යන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













