සිඳී ගිය තල්ගස්වැව පරිසර පද්ධතියට ගිනි තියලා (ඡායාරූප)

ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා.

එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට ආණමඩුව හරහා ගමන් කරනු ලබන සංචාරකයින්ගේ සිත් ඇදගත් ස්ථානයක්.

සුවිශේෂ වූ පරිසර පද්ධතියකින් සමන්විත තල්ගස්වැව වසර සිය ගණනක් පැරණි කුඹුක් වෘක්ෂයන් ගෙන් සමන්විත පරිසර පද්ධතියක් ද වනවා.

සෑම නියඟයකදීම මෙම පරිසර පද්ධතියට ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ගිනි තැබීම් සිදුවන අතර මෙවර ද එලෙස ගිනි තබා ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධානයේ සාමාජිකයන් පවසන්නේ.

නියඟය හේතුවෙන් සිඳී ගොස් තිබූ තල්ගස්වැව තුළ ස්ථාන කිපයක පැවති කුඩා දිය කඩිති කිපයක් උරගයින් හා අනිකුත් වන සතුන්ගේ පිපාසය නිවා ගැනීමට දායක වී තිබුණා.

දඩයක්කරුවන් සහ දැව ජාවාරම්කරුවන් විසින් මෙම පරිසර පද්ධතියට ගිනි තැබීමෙන් පසු මැරී යන කුඹුක් ගස් හොර රහසේ කපා ගෙන යාම සිදුවන අතර වන සතුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් කටයුතු කිරීම බරපතල තත්වයක් බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ.

ඊයේ සිදු වූ ගිනි තැබීම හේතුවෙන් වැවේ අක්කර 20කට ආසන්න ප්‍රදේශයක් පැය හයකට ආසන්න කාලයක් ගිනි ගත් බව සඳහන්.

පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සහ ආණමඩුව ප්‍රාදේශීය සභා නිලධාරීන් මෙන්ම ගම්වාසින් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර තිබෙනවා.

IMG 20230819 175622 scaled
IMG 20230819 180255 scaled
IMG 20230819 180843 scaled
IMG 20230819 181812 scaled
IMG 20230819 181953 scaled
IMG 20230819 182120 scaled
IMG 20230819 182633 scaled
IMG 20230819 183055 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38