සිඳී ගිය තල්ගස්වැව පරිසර පද්ධතියට ගිනි තියලා (ඡායාරූප)

ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා.

එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට ආණමඩුව හරහා ගමන් කරනු ලබන සංචාරකයින්ගේ සිත් ඇදගත් ස්ථානයක්.

සුවිශේෂ වූ පරිසර පද්ධතියකින් සමන්විත තල්ගස්වැව වසර සිය ගණනක් පැරණි කුඹුක් වෘක්ෂයන් ගෙන් සමන්විත පරිසර පද්ධතියක් ද වනවා.

සෑම නියඟයකදීම මෙම පරිසර පද්ධතියට ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ගිනි තැබීම් සිදුවන අතර මෙවර ද එලෙස ගිනි තබා ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධානයේ සාමාජිකයන් පවසන්නේ.

නියඟය හේතුවෙන් සිඳී ගොස් තිබූ තල්ගස්වැව තුළ ස්ථාන කිපයක පැවති කුඩා දිය කඩිති කිපයක් උරගයින් හා අනිකුත් වන සතුන්ගේ පිපාසය නිවා ගැනීමට දායක වී තිබුණා.

දඩයක්කරුවන් සහ දැව ජාවාරම්කරුවන් විසින් මෙම පරිසර පද්ධතියට ගිනි තැබීමෙන් පසු මැරී යන කුඹුක් ගස් හොර රහසේ කපා ගෙන යාම සිදුවන අතර වන සතුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් කටයුතු කිරීම බරපතල තත්වයක් බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ.

ඊයේ සිදු වූ ගිනි තැබීම හේතුවෙන් වැවේ අක්කර 20කට ආසන්න ප්‍රදේශයක් පැය හයකට ආසන්න කාලයක් ගිනි ගත් බව සඳහන්.

පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සහ ආණමඩුව ප්‍රාදේශීය සභා නිලධාරීන් මෙන්ම ගම්වාසින් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර තිබෙනවා.

IMG 20230819 175622 scaled
IMG 20230819 180255 scaled
IMG 20230819 180843 scaled
IMG 20230819 181812 scaled
IMG 20230819 181953 scaled
IMG 20230819 182120 scaled
IMG 20230819 182633 scaled
IMG 20230819 183055 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03