2026 වසරේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්රායෝගික පරීක්ෂණ ලබන 27 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ප්රායෝගික පරීක්ෂණ අයදුම් කළ පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීම මගින් ද ප්රවේශ පත්ර බාගත කරගත හැකි බවද සඳහන්.
