සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පැවැත්වූ ගණිකා නිවාසයක් වටලයි

කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇති අතර පොලිසියට ලද තොරතුරක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 43 අතර පසුවන මිද්දෙණිය කහටගස්තැන්න, ගංකන්ද, මැදවච්චිය බුත්තල, මොරටුව පොතුවිල් රක්වාන රත්මලාන හා වාද්දුව පදිංචිකාරියක් ය.

සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
30
+1
4
+1
10
+1
8
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?