ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඊයේ (06) පැවති පුහුණු සැසියක දී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා XI කණ්ඩායමට එරෙහිව අද (07) පැවැත්වෙන පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට ශුබ්මන් ගිල් එක්වූයේ නැහැ.
මේ අතර අගෝස්තු 15 වන දින ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට ගිල්ට හැකියාව හිමිවෙයි ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.













