සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 265ක් රැස්කරගෙන සිටින අතරතුර තරගයේ තුන්වන දිනය නිමාවට පත්වුණා.
ඒ තරගය අද (25) දිනය වෙනුවෙන් නිමවීමට මිනිත්තු 20ක් පමණ ඉතිරිව තිබියදී පිටියට වර්ෂාපතනය ලැබීමත් සමඟයි.
පෙරේදා දිනයේ දී ඇරඹුණු තරගයේ පලමුවනේ පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවීගොස් ලකුණු 503ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ලකුණු 500 සීමාව ඉක්මවා යාමත් සමඟ සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ඉන්දීය නායකයා ශ්රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 265ක් රැස්කර ගෙන සිටින අතර මේ වන විටත් ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 238ක් පිටුපසින් සිටිනවා.
ශ්රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් රැස්කර ගත් අතර, පළමු තරගයේ ඉනිම් දෙකේදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස්කළ සොනාල් දිනූෂ මෙම ඉනිමේ දී ද ලකුණු 85ක් රැස්කරමින් නොදැවී පිටියේ රැඳී සිටිනවා.
හෙට (26) තරගයේ සිව්වන දිනයයි.













