Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 213ක් පමණයි.

නායක රෝහිත් ශර්මා ලකුණු 53යි. ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් රැස් කළා. ඉෂන් ක්‍රිෂන් ලකුණු 33යි. විරාත් කෝලි ලකුණු 3යි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් බිඳහෙලුවා. මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳහෙලුවා.

මෙම තරගයේ 47 වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා මතුවීම හේතුවෙන් තාවකාලිකව නතර කිරීමට ද සිදුවුණා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 9ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 197ක්.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?