වෙනත් අයෙකුට සල්ලි දැම්මොත් බැංකු ගිණුම තහනම් වෙයි

හේතුවක් නොමැතිව යම් අයෙකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ එලෙස සොයා බැලීම සිදු කරන බව ඔහු සඳහන් කළා.

මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි ගිණුම් තහනම් කිරීමේ හැකියාව ද මහබැංකුව සතු බව යි.

“මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම්, මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්”

මේ අතර විදෙස් රැකියාවල යෙදෙන්නන් හට ද කබ්රාල් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළා. 

ඔහු ප්‍රකාශ කළේ නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙන බව යි.

විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳව මේවන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
157
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?