විශේෂ රැකවල් මැද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ආ පොඩි ලැසී

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුශංක හෙවත් පොඩි ලැසී අද (23) දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

වැලිසර බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේ පොඩි ලැසීව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ චෝදනාවක් මත මීටියාගොඩ පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් මොහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම නඩුව නැවත කැඳවීම නොවැම්බර් මස 20 දක්වා කල් තැබුවා.

අනතුරුව පොඩි ලැසී නැවතත් වැලිසර බන්ධනාගාරය වෙත රැගෙන ගියා.