විනිසුරු පත්වීම් ගැන අගවිනිසුරු වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට දැනුම් දීමක්

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපිය සම්බන්ධයෙන් තව දුරටත් කටයුතු නොකරන බවට කතානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපිය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිපති සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් විසින් නොවැම්බර් මස 14 වනදා අගවිනිසුරුවරයා වෙත යොමු කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දැනුම් දී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ රීතීන් සැකසීම සඳහා අදාළ ලිපිය එහි සාමාජිකයින් විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කළ බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් විසින් සද්භාවයකින් යොමු කළ ලිපියක් බවත් නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය අගවිනිසුරුවරයා වෙත දැනුම් දිය යුතු බවයි.

අධිකරණය හමුවේ අද සඳහන් වූ මෙම කරුණු තමා විසින් අගවිනිසුරුවරයාට ද දැනුම් දීමට කටයුතු කරන බව එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය මේ වනවිට ලැබී ඇති හෙයින් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පසුගිය 14 වනදා කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාවය පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි පෙත්සම්කරු පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) (4) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.

මේ තුළින් වගඋත්තරකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර ඇති බවත් අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

මේ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන අතර අදාළ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් බලය බෙදීමේ න්‍යායට පටහැනි බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ලිපිය තුළින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති අතර නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කර තිබෙන බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අදාළ ලිපිය ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57