විනිසුරු නිශ්ශංක බන්දුලගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය බල රහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සන්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කඩිනමින් සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා කියා සිටියේ මෙම නඩුකරයට පාදක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ඒකමතිකව ගනු ලැබූ තීරණයක් නොවන බැවින් මෙම නඩුවේ කවර වගඋත්තරකරුවන්ට පෙනී සිටින්නේද? යන්න තීරණය කිරීම සඳහා කාලය අවශ්‍ය බව කියා සිටියා.

ඉන් අනතුරුව කතානායකවරයා ඇතුළු වග උත්තරකරුවන්ට යළි නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 07 වනදා කැඳවන ලෙස නියෝග කළා.

නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

එහි වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කරන ලෙස අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර තිබූ බවයි.

එම නිර්දේශයට අනුව ජනාධිපතිවරයා විසින් නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ අතර ඉකුත් ජනවාරි මස 19 වනදා එම නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළ බව දැන ගන්නට ලැබී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු ඒ තුළින් ඔවුන් අධිකරණ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදුකර ඇති බවත් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාල ශ්‍රේෂ්ඨාධිකරණ පුරපාඩුව සඳහා වෙනත් අයකු නම් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43