විදුලි සැර වැදීමට සලස්වා වන අලියා ඝාතනය කළ ගොවියා අත් අඩංගුවට (ඡායාරූප)

ආණමඩුව කෑදැත්තෑව ප්‍රදේශයේ කුඹුරක විදුලි සැර වැදීමකට ලක් වූ වන අලියකු මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති උස අඩි 8 කට ආසන්න දැවැන්ත වන අලියෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

තම ගොයම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගොවියකු විසින් ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටිමෙන් මෙම වන අලියා මියගොස් ඇති අතර එම සිදුවීම වසන් කිරීමට ගොවියා කටයුතු කර තිබූ බවයි සඳහන් වන්නේ.

එම ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරි නොවන ආකාරයෙන් විදුලි සැර වැදිමට යොදා ගත් රැහැන ගොවියා විසින් ඉවත් කර තිබෙනවා.

මෙම අලි මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා විසින් තහවුරු කරගෙන ඇත්තේ අදාළ අලියා මරණයට පත්ව ඇත්තේ විදුලි සැර වැදිමකින් බවටයි.

පසුව වනජීවී නිලධාරීන් ගොවියාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් හෙළිව ඇත්තේ තම වගාව වන අලි ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිමට විදුලි සැර යොදා තිබූ බවයි.

ඒ අනුව මෙම සිද්දියට සම්බන්ධ සැකකාර 55 හැවිරිදි ගොවියා වනජීවී නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් කඩා වැදී වගාවන් වනසා දැමීම නිසා ගොවීන් මහත් පිඩාවට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56