විදුලි සැර වැදීමට සලස්වා වන අලියා ඝාතනය කළ ගොවියා අත් අඩංගුවට (ඡායාරූප)

ආණමඩුව කෑදැත්තෑව ප්‍රදේශයේ කුඹුරක විදුලි සැර වැදීමකට ලක් වූ වන අලියකු මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති උස අඩි 8 කට ආසන්න දැවැන්ත වන අලියෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

තම ගොයම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගොවියකු විසින් ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටිමෙන් මෙම වන අලියා මියගොස් ඇති අතර එම සිදුවීම වසන් කිරීමට ගොවියා කටයුතු කර තිබූ බවයි සඳහන් වන්නේ.

එම ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරි නොවන ආකාරයෙන් විදුලි සැර වැදිමට යොදා ගත් රැහැන ගොවියා විසින් ඉවත් කර තිබෙනවා.

මෙම අලි මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා විසින් තහවුරු කරගෙන ඇත්තේ අදාළ අලියා මරණයට පත්ව ඇත්තේ විදුලි සැර වැදිමකින් බවටයි.

පසුව වනජීවී නිලධාරීන් ගොවියාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් හෙළිව ඇත්තේ තම වගාව වන අලි ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිමට විදුලි සැර යොදා තිබූ බවයි.

ඒ අනුව මෙම සිද්දියට සම්බන්ධ සැකකාර 55 හැවිරිදි ගොවියා වනජීවී නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලින් කඩා වැදී වගාවන් වනසා දැමීම නිසා ගොවීන් මහත් පිඩාවට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
8
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?