වසර 140කට පමණ පසු ඇති වූ දැඩි වර්ෂාවෙන් හොංකොං සහ දකුණු චීනයට බලපෑම්

හොංකොං සහ දකුණු චීනයේ නගර කිහිපයකට ජල ගැලීම්වලින් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

වාර්තාගත ලෙස පවතින අධික වර්ෂාපතනය හමුවේ නිලධාරීන් පාසල් සහ සේවා ස්ථාන වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හොංකොං හි මාර්ග සහ උමං දුම්රිය ස්ථාන ජලයෙන් යටවී තිබෙනවා.

කාලගුණ කාර්යාංශය පවසන්නේ බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාව වසර 140කට පමණ පසු නගරයට බලපෑ විශාලතම වර්ෂාව බවයි.

වැසි සමග සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් හොංකොං හි කඳුකර ප්‍රදේශවල නායයෑම් ද සිදුවී ඇති අතර ඇතැම් අධිවේගී මාර්ග ද අවහිර වී ඇතැයි සඳහන්.

සිකුරාදා පස්වරුව වන විට, බලධාරීන් වැසි කුණාටුව “කළු” අනතුරු ඇඟවීමේ සිට “ඇම්බර්” අනතුරු ඇඟවීම දක්වා පහත දමා ඇති අතර වැසි තත්වය සෙනසුරාදා දක්වා පවතිනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

බ්‍රහස්පතින්දා, රාත්‍රියේ හොංකොං හි පැයකට මිලිමීටර් 158.1ක වර්ෂාපතනයක් වාර්තා කළ අතර එය 1884 වසරේ වාර්තා ආරම්භ වූ දින සිට වාර්තාවී ඇති වැඩිම වර්ෂාපතනයයි.

හොංකොං දූපතේ, කොව්ලූන් සහ නගරයේ ඊසානදිග කොටසේ මිලිමීටර් 200 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

Guangdong පළාතේ සිය ගණනක් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන් පහත් බිම්වල පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39