spot_imgspot_img

වව්නියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව ප්‍රදේශයේදී ඊයේ (17) සවස සිදුවූ රියඅනතුරකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා තම යතුරුපැදියෙන් ඉරට්ටපෙරියකුලම් සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී ඒ දෙසටම ධාවනය වූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදිය ද යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 58 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

අනතුරින් පසුව ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

B1 1
B1 5
B1 7
B1 8
B1 10
B1 6
B1 4
B1 3
B1 2
B1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?