වව්නියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව ප්‍රදේශයේදී ඊයේ (17) සවස සිදුවූ රියඅනතුරකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා තම යතුරුපැදියෙන් ඉරට්ටපෙරියකුලම් සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී ඒ දෙසටම ධාවනය වූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදිය ද යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 58 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

අනතුරින් පසුව ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

B1 1
B1 5
B1 7
B1 8
B1 10
B1 6
B1 4
B1 3
B1 2
B1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43