බොරැල්ල – ලෙස්ලි රණගල මාවත 141 වත්තේ පිහිටා ඇති නිවසකට අද (23) පෙරවරුවේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මුහුණ ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නිවසට එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්වන ‘වනාතේ චතු’ නැමැත්තාගේ ගෝලයෙකුගේ නිවසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
‘වනාතේ චතු’ නැමැති සංවිධානාත්මක අපරාධකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හිදී මෙම සතියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, අනුව ඉදිරි දිනවල දී ඔහුව දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.













