වතුර මෝටර් සොරකමේ ඇවිත් ජීවිතයෙන් වන්දි ගෙවයි

සූරියවැව වැවේගම ප්‍රදේශයේ වතුර මෝටර සොරකමේ පැමිණි පිරිසක් අතර අයෙක් ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී සොරකමේ පැමිණි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් එම පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබුණා.

ඔහුට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් සිදු කර ඇති බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සැකකරු සූරියවැව රෝහලට ඇතුලත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

එහිදී එම සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහල මගින් මාතර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය සැකකරු වැවේගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙක්. පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෙම පුද්ගලයා සමග පැමිණි බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා සූරියවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 33 වයස්වල පසුවන දෙදෙනෙක්.

එම සැකකරුවන් දෙදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12