අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නට වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායමට (ස්ප්‍රින්බොක්ස්) හැකියාව ලැබුණා.
ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.
ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 16ට 15ක් ලෙසටයි.
ඒ, අනුව 2023 රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් සතියකින් එනම් ලබන්ම 29 වනදා ප්‍රබල නවසීලන්තය සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.
මේ අතර ලෝක කුසලාන තරගවලියේ තුන් වැනි ස්ථානය වෙනුවෙන්වන සටන ලබන 28 වනදා එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන්නේ ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ දීයි.