Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක සූපවේදීන්ගේ තරගාවලියේ පදක්කම් 38ක් දිනූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම දිවයිනට

ලක්සම්බර්ග් රාජ්‍යයේ පැවැත් වූ ලෝක සූපවේදීන්ගේ තරගාවලිය – 2026 (Culinary world Cup – 2026 ) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 19ක්, ලෝකඩ පදක්කම් 09ක් සමඟින් සමස්ත පදක්කම් 38ක් ජයග්‍රහණය කර අද (28) අලුයම දිවයිනට පැමිණියා.

මෙම පදක්කම් 38ට අමතරව ශ්‍රී ලංකා සූපවේදී කණ්ඩායමට ඩිප්ලෝමා සහතික 09ක් ද ජයග්‍රහණය කිරීමට මෙම තරගාවලියේ දී හැකියාව ලැබී තිබෙනවා.

වසර 04 කට වරක් පවත්වන මෙම තරගාවලිය, ලෝක සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබනවා.

එය සදහා ලෝකයේ රටවල් 64ක් නියෝජනය කරමින් සූපවේදීන් 4,000 ක පිරිසක් සහභාගී වී සිටි අතර මෙම තරගාවලිය කාණ්ඩ 08ක් යටතේ නොවැම්බර් 20 වනදා සිට 27 වනදා දක්වා පැවැත් වුණා.

ශ්‍රී ලංකා සූපවේදීන් පිරිස අද (28) අලුයම 05.55 ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.