Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරිය අනුදි ගුණසේකර

ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා.

ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින් අද (29) පස්වරුවේ මේ බව ලාංකික සුවහසක් ජනතාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මල්ටිමීඩියා තරග වටයෙන් ආසියාවෙන් ම පළමු වරට අනුශූරතාවක් දිනාගත් තරගකාරිණිය වන්නේ ද අනුදි ගුණසේකරයි.

එම තරග වටයේ ජය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හා භාග්‍යය ද අනුදිට හිමිවුණා.

ශ්‍රී ලාංකිකයින් වන අප සියලු ම දෙනාට මෙම ජයග්‍රහණය ඓතිහාසික මොහොතක් වන අතර මෙම ජයග්‍රහණයත් සමඟ, තරගකාරිණියන් 108 දෙනෙකුගෙන් බහුමාධ්‍ය (මල්ටිමීඩියා) අභියෝගයේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පත්වීමට ද අනුදි වාසනාවන්ත වුණා.

  1. ජය ධරණි ! CONGRATULATIONS අවසානය දක්වා තැනට සුදුසු නුවණ පාවිච්චියට ගන්න කිරුළ ගෙනන තුරු මුළු ලංකාවම ඔයා එක්ක. Absolutely amazing queen Anudi Gunasekara ❤
    #TelanganaZarurAana
    #Telangana
    #MissWorld2025
    👑🇱🇰🇱🇰🇱🇰❤️👑🇱🇰🇱🇰🇱🇰❤️👑🇱🇰🇱🇰🇱🇰❤️👑🇱🇰🇱🇰🇱🇰