අතුරුගිරිය ගොඩගම ලි වෙළඳ සැලක් තුළ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුවී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 62ක කාන්තාවකි.
ලී වෙළඳසැලේ කාර්යාලය කාමරය අසල කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයකු වෙළඳසැල තුල හිසේ තුවාල සහිතව සිහිසුන්ව වැටී සිටින බවට අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු පනස් 52ක් වන මයිලගම ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
