spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතිහාස ගතවෙයි

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා තේරී පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙය ලෙසින් ඉතිහාසයට එක්වේ.

මෙම තරගාවලිය අනිද්දා (25) සිට ලබන මස 05 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේදී පැවැත්වීමට නියමිතය.

කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සහන්, 2019 ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරගාවලියෙන් ශූරතා
වයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයත්, සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ අනුශූරතාවත් සහ 2021 නුවරඑළියේ පැවති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවත් දිනා තිබේ.

මීට අමතරව හෙතෙම, 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
67
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?