ලංකාවට නොපැමිණි අය දැන් එන්න පටන් අරන්

අගෝස්තු මාසයේ මුල් සති තුන තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු 01 සිට 23 දක්වා කාලය තුළ සංචාරකයන් 31,105 ක් මෙරටට පැමිණ ඇත.ජනවාරි 01 සිට අගෝස්තු 23 දක්වා සංචාරකයන් 489,775 ශ්‍ර්‍ර්‍රී ලංකාවට පෑමීණ ඇත. මාසය සඳහා මේ දක්වා දිනකට සාමාන්‍ය සංචාරක පැමිණීම් 1,350 ක් පමණ වේ. අගෝස්තු මාසය සඳහා සතිපතා පැමිණීමේ ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මාසයේ මුල් සතියේ (අගෝස්තු 01-07) වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි බවයි. ඊළඟ සතිවල පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.

අගෝස්තු මාසයේ මුළු සංචාරක පැමිණීම ජූලි මාසයට වඩා අඩු විය හැකි අතර එය 47,293 කි.

අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛතම මූලාශ්‍ර වෙළෙඳපොළ තුන වූයේ එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ජර්මනියයි. අගෝස්තු 10 සිට 23 දක්වා කාලය තුළ එක්සත් රාජධානියෙන් පැමිණි සංඛ්‍යාව 5,872 ක් වූ අතර ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි මුළු සංඛ්‍යාව 4,262 ක් සහ 2 ,779 ක් වෙයී.

  1. මේ පට්ටපල් බොරු.. අපිට දකින්න පාරක සුද්දෙක් සුද්දියෙක් නැහැ.. ඉන්දියන් මිනිස්සු නම් ඉන්නවා මේ කියන්නේ චීන්නු සහ ඉන්දියන් කරහෝ ගැන වෙන්න ඇති… උන් වියදම් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ටත් අන්ත විදියට

  2. හතලිස්දාහක් ආවත්, දහසක් ආවත් ඔවුන්ට පහසුවෙන් නවාතැන්, ප්‍රවාහනය, ආහාර ලබාගැනීමට ස්ථිර වැඩවැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. සන්නද්ධ හොරු පමණක් නොව මගතොටදී හමුවෙන “වීදුරු” මැණික්, හොර “ඇන්ටික්” භාණ්ඩ ආදිය ලබාදී වංචාකරන්නන්ටද වැට බැඳිය යුතුයි. අප රට ලස්සන මෙන්ම ආරක්ෂිත තැනක් ලෙසට සංචාරකයන්ගගේ මතකයේ රැඳිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11