spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිලවු චීනයට නොයවන බවට අධිකරණයට ප්‍රතිඥාවක්

නීතියට පටහැනි ආකාරයට මේරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට රජය විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනු කරන ලද පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට රජය විසින් කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරවේදීන් පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කර සිටියේ මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නොමැති බවයි. පසුව එම ප්‍රතිඥාව අභියාචනාධිකරණය විසින් සටහන් කර ගනු ලැබුවා.

රජය විසින් ලබා දෙන එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි අද අධිකරණය හමුවේ දැනුම් දුන්නේ.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?