Fly high Get bonus Aviator Phone

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ආරම්භ වුණා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙනවා.

නුවරඑළිය නවනගර ශාලාවේ දී පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගම්වල නායකයින් එක්ව සිටියා.

මෙම සමාරම්භක උත්සවයේ දී විශේෂ සමරු මුද්දරයක් ද එළිදක්වනු ලැබුවා.

එම මුද්දරය තැපැල්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සමරු මුද්දරය බුද්ධශාසන
අමාත්‍යවරයා විසින් ත්‍රෛණිකායික මහා සංඝරත්නය වෙත ඉදිරපත් කරනු ලැබුවා.

අද ආරම්භ වූ ජාතික වෙසක් උත්සවය මැයි මස 16 දින දක්වා නුවරඑළිය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වෙනවා.

“කළණ මිතුරන් ඇසුරු කරමු” යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?