රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමට කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ, නියාමක ජනරාල් දෙපාර්තමේන්තුවේ නියාමක ජනරාල් රම්‍යා කාන්ති මෙහි සභාපතිත්වයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

ඊට අමතරව මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.යූ. චන්ද්‍රකුමාරන් සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.එස්.එන්. ජයසිංහ යන අය පත් කර තිබෙනවා.

අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බව හඳුනා ගෙන ඇති අතර, එවැනි ද්‍රව්‍ය හේතුවෙන් කාර්යාල පරිශ්‍රයන්හි මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිවල ඉඩකඩ ද අනවශ්‍ය ලෙස අවහිර වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය කඩිනමින් සහ විධිමත්ව බැහැර කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, 2022 දෙසැම්බර් 05 වැනි දින හෝ ඊට පෙර පහත සඳහන් දෑ පිළිපදිමින් බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීම කමිටුවට පැවරී තිබෙනවා.

සියලුම ආයතන වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
ආයතන (අමාත්‍යාශය/දෙපාර්තමේන්තු/ආයතනය) මගින් පවතින අබලි ද්‍රව්‍ය හඳුනා ගැනීම
ආයතන විසින් බැහැර කළ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස් කිරීම
එක් එක් ආයතනය විසින් අදාළ තක්සේරු මණ්ඩලයක් පත් කිරීම
එක් එක් ආයතනයෙන් ඉවතලන ද්‍රව්‍යවලට අදාළ තක්සේරු ප්‍රමාණය ලැයිස්තු ලබා ගැනීම.
බැහැර කිරීමේ ක්‍රියා පටිපාටිය අධීක්ෂණය කිරීම
විකිණීමෙන් පසු ද්‍රව්‍ය ඉවත් කිරීම සහතික කිරීම
සියලුම ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ඒකාබද්ධ වාර්තාවක් සකස් කිරීම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39