රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර සියලුම දුම්රියන් ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්‍රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පැවතීමත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමත් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමටයි කටයුතු කර ඇත්තේ.