රට යන්න ආපු හිටපු ඇමති මහින්දානන්ද ගුවන්තොටුපලේදී හරවා යවයි

තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවිනුයි මන්ත්‍රීවරයා මෙලෙස ආපසු නිවෙස බලා හරවා යවා ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු මේ බව තහවුරු කළා.

හිටපු අමාත්‍යවරයා ඊයේ (11) අලුයම 1ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත මෙම ගුවන් ගමන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අවසර ලබා දී තිබුණේ නැහැ.

හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද, ඇය ද සිය ගුවන් ගමන අතහැර අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
18
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?