spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුපුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ඉවත් වෙයි

බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු නිවේදනය කළේ ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටින තමන් මේවන විට මානසිකව මෙන්ම ශාරීරිකව ද දැඩි පීඩාවකින් පසුවන බවයි.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් ඉවත් වුව ද ඉදිරියේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පිළිබඳ තමා දැඩි අරමුණකින් පසුවන බවයි යුපුන් අබේකෝන් ප්‍රකාශකර ඇත්තේ.

තම තීරණය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Yupun Abeykoon Release OK
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?