යුක්තියෙන් තවත් 730 ක් අත්අඩංගුවට

දීප ව්‍යාප්තව සිදුකරනු ලැබූ යුක්තියේ මෙහෙයුමෙන් ගතවූ පැය 24 තුළදී අපරාධකරුවන් 730 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 709 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 21 ක් මේ අතරට අයත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත් අය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 255ක්, අයිස් ග්‍රෑම් 202ක්, ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 500ක්, ගංජා පැළ 1,660ක්, මාවා ග්‍රෑම් 613ක්, මදන මෝදක ග්‍රෑම් 164ක්, මත්පෙති 7,376ක්,
තූල් ග්‍රෑම් 141ක් හා කුෂ් ග්‍රෑම් 466ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 709 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 22 ක්, වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් 19 ක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 05 ක් ද සිටිනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අතර, විෂ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 19 ක් හා විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විවෘත වරෙන්තුකරුවන් 2 ක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

පාතාලය මැඩලීමේ යුක්තියේ මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේද්ගී පමණක් ලේඛනගත පාතාල අපරාධකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව 2024.03.19 වන දිනෙන් ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම්වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 416 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06