මෙරට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ගුවන් හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවී තිබෙනවා.

පසුගිය 21 වනදා ගුවන් හමුදා මූලස්ථානයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබදව මෙහිදී සකච්ඡා වී තිබෙනවා.