මෙරට ආර්ථික අර්බුදය ගැන සාකච්ඡාවකට මෝදි සර්වපාක්ෂික හමුවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සියලු පක්ෂවලට සාකච්ඡාවක් කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය මෝදි විසින් ලබන අඟහරුවාදා (19) මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සර්වපාක්ෂික රැස්වීමේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මෙරට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකිරීමට නියමිතයි.