මුහුදේ වෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ පාඨමාලාවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ පළමු අධියර ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී සාර්ථකව නිමාවට පත් වුණු අතර, එහි සහතික ප්‍රදානය ඊයේ (02) දින සිදු කෙරුණා.

ඒ අනුව, මෙම පුහුණු පාඨමාලාව තුලදී යාත්‍රා වෙත ගොඩ වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සහ සැඟවුණු අවකාශ පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේද සහ සමුද්‍රීය වසම් දැනුවත්භාවය පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව දැනුවත් කෙරුණා.

මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය නියෝජනය කරමින් නියෝජිතයින් අට දෙනෙකු (08), ඉන්දියාව නියෝජනය කරමින් එක් අයෙකු (01), මාලදිවයින නියෝජනය කරමින් අටදෙනෙකු (08) සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් 16 දෙනෙක් ඊට ඇතුළත්.

එමෙන්ම, මෙම පාඨමාලාව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය (RCMS) එක්ව පවත්වන ලද අතර, ප්‍රංශ රේගු නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයින්ගේ විශේෂිත යෙදවුම් ඒ සඳහා දායක වුණා.

පාඨමාලාවේ ප්‍රායෝගික අභ්‍යාස 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ‘ස්ටෙලා බියුටි’ වෙළඳ නෞකාවේ දායකත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ A 521 යාත්‍රාවේ පැවති සැඟවුණු අවකාශ තුල මත්ද්‍රව්‍ය සෙවීමේ අභ්‍යාසයෙන් අනතුරුව, ප්‍රායෝගික අභ්‍යාස සාර්ථකව අවසන් වුණා.

මෙහිදී අදහස් දැක්වූ විශේෂ යාත්‍රා බලඝනයේ ආඥාපති කපිතාන් ධර්මසිරි හේරත්, ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය සහ විශේෂ යාත්‍රා බලඝණය අතර, දිගුකාලීන සහයෝගීතාවය හා හවුල්කාරිත්වය 2015 වර්ෂයේ ආරම්භ වූ බවත්, 2016 වර්ෂයේ සිට ක්‍රමයෙන් ආරම්භ වූ නෞකා වෙත ගොඩ වීම පරීක්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද පිළිබඳ පුහුණු කටයුතු සහ ඒ සම්බන්ධ මූලික උපදේශක පාඨමාලා, මේ වන විට උසස් සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ පුහුණුව දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වී ඇති බවත් පැවසුවා.

විශේෂයෙන්, විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලේ Ship-in-a-Box VBSS පුහුණු පහසුකම සහ කාර්යාල හා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ දායකත්වය මෙහිදී ඔහු විසින් ඇගයීමට ලක් කරනු ලැබුවා.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ අග්නිදිග ආසියානු කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක සහ දේශ සීමා කළමනාකරණ ශාඛාවේ ආසියානු සම්බන්ධීකාරක David O’Connell විසින් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සිය සුභ පැතුම් පිරිනමන ලද අතර, සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රංශ රේගු දෙපාර්තමේන්තුවේ Ana Verron සහ Johann Hendrick, ප්‍රධාන උපදේශක Leonard Adams ඇතුළු විදේශීය නියෝජිතයන් සහ කොළඹ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ව්‍යාපෘති සහාය නිලධාරී දිනිති මෙන්ඩිස් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42