මුහුදු කූඩැල්ලන් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ (30) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තම්මැන්නා නෞකාව මඟින් මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 12700ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ කිමිදුම් උපකරණ, මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇතැයි සඳහන්.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 32 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් 12700ක ප්‍රමාණය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05