මුහුදු කූඩැල්ලන් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ (30) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තම්මැන්නා නෞකාව මඟින් මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 12700ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ කිමිදුම් උපකරණ, මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇතැයි සඳහන්.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 32 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් 12700ක ප්‍රමාණය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?