මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබාදීම මුදල් දුන් පසුවයි – රජයේ මුද්‍රණාලාධිපතිනිය

දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා මුදල් ලබාදෙන තුරු භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී ලියනගේ අද (17) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නා.

දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව පැවසූ ඇය ඒවා ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරීක්ෂා කිරීම තවමත් අවසන්ව නොමැති බවයි සඳහන් කළේ.

මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20ක්.

කෙසේ වෙතත් එම මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක පමණ මුදලක් පමණක් බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?