මුඛ ආවරණ නොපලඳින අයට අනතුරු අඟවයි

අද (23) දිනයේ සිට මුඛ ආවරණ නොපලඳින පුද්ගලයින් සොයා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම අද දිනය ද ඇතුළුව ඉදිරි දින දෙකක කාලය තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, 

“මුඛ ආවරණ නොපලඳින හෝ නිසියාකාරව නොපලඳින පුද්ගලයින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ගමන් කරන බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අද සිට විශේෂ කණ්ඩායම් 30ක් යෙදවීමට කටයුතු කරනවා. ඒ අනුව එවැනි පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?