ලෝක ආදිවාසී දිනය අදට (09) දිනට යෙදී තිබෙනවා.
1982 වසරේ දී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අගෝස්තු (09) දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙම දිනය වෙන්කර තිබෙනවා.
ලෝකයේ රටවල් 90ක් පුරාවට ආදිවාසී ජනතාව මිලියන 476ක් පමණ ජීවත් වනවා.
ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය දඹාන ආදිවාසී ගම්මානය මුල්කරගෙන පැවැත්වෙනවා.













