මිල්ලනියේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට අභිරහස් නිසල සිරුරක්

මිල්ලනිය, මානාන, පුන්‍සිරිපුර ප්‍රදේශයේ අතුරු මාර්ගයක කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට අභිරහස් ලෙස මියගොස් සිටි පිරිමි පුද්ගලයෙක්ගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මොහු ජීවිතක්ෂයට පත්වූ ආකාරය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

කළුතර උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.